රට හැර ගිය ශ්‍රී ලාංකිකයන්ගේ ගණන හෙළි වෙයි!

2023 වසරේ පළමු මාස 6 ට පමණක් ශ්‍රී ලාංකිකයන් 147000කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා රට හැර ගොස් තිබෙනවා. සෑම මසකම ආසන්න වශයෙන් 24000ක පමණ පිරිසක් ඒ අනුව රට රැකියා වෙත පිටත්ව යන බවයි පැවසෙන්නේ.

2022 වසරේ මුල් මාස 6දී විදේශ මුදල් සම්ප්‍රේෂණ මාසික සාමාන්‍යය අගය වූ ඩොලර් මිලියන 315 ක මුදල මේ වන විට මාසිකව ඩොලර් මිලියන 470 දක්වා වැඩි වී ඇති බව මහබැංකු දත්ත වාර්තා අනාවරණය කරනවා.

මෙම විදෙස් රැකියා සඳහා යන පිරිසෙන් 76.5%ක පිරිසක් මැද පෙරදිග රැකියා සඳහා පිටත් වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

විදෙස් රැකියා සඳහා පිටත් වීම් එලෙස දැක්වෙන විට එම මාස 6ට රට හැර ගිය සමස්ත සංඛ්‍යාව ලක්ෂ 7ට ආසන්න බවයි වාර්තා වන්නේ.

මෙම සය මස තුළ වැඩිම විදේශ ප්‍රේෂණ ලැබීම් කුවේටයෙන් වන අතර ඒය ඩොලර් මිලියන 315ක් වනවා. ඩොලර් මිලියන 295.2ක් කටාර් රාජ්‍යයෙන් ප්‍රේෂණය වී ඇති අතර එය දෙවැනි ස්ථානයයි. ඒ අතර ඇමරිකා එක්සත් ජනපද ප්‍රේෂණයන්ද වැඩි වී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව මේ වසරේ මුල් භාගයේ දී විදෙස් ගමන් බලපත්‍ර 521203 ක් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles