සජිත් ජනපති! අනුර අගමැති! බලය අල්ලන අලුත්ම කේක් එක මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වී මහ මැතිවරණයේදී අනුර දිසානායක මහතා අගමැති අපේක්‍ෂක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

එසේ නොවන්නේ නම් අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක වී සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂක විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමින්.

මහින්ද රාජපක්ෂට හා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට එකට එක්වීමට හැකිනම් සජිත් ප්‍රේමදාසට හා අනුර දිසානායකට එකතු වීමට නොහැකි හේතුව ‌ඩිලාන් ප්‍රශ්න කර සිටිනවා.

තවද විපක්ෂය කෑලි වලට නොබෙදා එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පවසනවා.

ජනාධිපතිවරණය යනු එසේ මෙසේ කේක් ‌එකක් නොව අයිසිං කේක් එකක් බව පවසන ඩිලාන් මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගය සහ සජබ යනු බටර් කේක බවත් ශ්‍රිලනිප යනු එහි අයිසිං බවත් පවසනවා.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles