සිංහයන් තැබු අලුත්ම ලෝක වාර්තාව

නව ලෝක වාර්තාවක් ද තබමින් ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරග කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඒ එක්දින ජාත්‍යන්තර තරගයකදී අඛණ්ඩව 11 වැනි වරටත් ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගනිමින්.

ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත් වු පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (31) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහි දී කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් තීරණය කළා.

පන්දු වාර 42 යි පන්දු 4 දී සියළු දෙනාම දැවී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 164 ක් ලබා ගත් අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ පතිරණ පන්දුවාර 7 පන්දු 4ක් යවා ළකුණු 32කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නජ්මුල් ෂැන්ටෝ පන්දු 122කදී ලකුණු 89ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දි මහීෂ පතිරණ 04, දසුන් ශානක 01, මහීෂ් තීක්ෂණ 02 , ධනංනජය ද සිල්වා 01 , දුනිත් වෙල්ලාලගේ 01 බැගින් බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු බිඳ දැමීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165 ක ඉලක්කයක් හිමි වූ අතර පිළිතුරු ඉණිම ආරම්භ කරමින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පැතුම් නිශ්ශංක ළකුණු 14කටත් දිමුත් කරුණුරත්න එක් ළකුණකටත් බංගලාදේශ පන්දු යවන්නන් සීමා කළා.

කෙසේ වුවද පන්දුවාර 39ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකුරුවන් සමත් වුණා.

චරිත් අසලංක ළකුණු 62ක් ද සදීර සමරවික්‍රම ළකුණු 54ක්ද ලබාගත් අතර නායක දසුන් ශානක ජයග්‍රහණය සඳහා කණ්ඩායම මෙහෙය වමින් ළකුණු 14ක් ද ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles