ඉන්ධන මිල ඉහළයාමත් සමඟ ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය ගත් තීරණය

ඉන්ධන මිල ඉහළ ගියද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය (AITWOA) නිවේදනය කර සිටිනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බැවින් ගාස්තු වැඩිකිරීම්වලින් මහජනතාව මත තවදුරටත් බර පැටවීමට අදහස් නොකරන බවයි එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසන්නේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ යාමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles