මට ඡන්දෙ දෙන්න එපා කියලා කාදිනල්තුමා කිව්වාට අවුලක් නෑ : සජිත්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙළිදරව්ව ගැන ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා පවසන්නේ මෙම හෙළිදරව් කිරීම ගැන රජය ලැජ්ජා විය යුතු බවයි. මේ ගැන හෙළිදරව් කරගත යුතුව තිබුණේ රජය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ.

අද පාර්ලිමේන්තුවේදී මනුෂ නානායක්කාර අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය තුළින් කාදිනල්වරයාට අපහාසයක් සිදු කර ඇතැයි ද ඔහු පවසනවා. මෙම ප්‍රහාරයට කාදිනල්වරයාද සම්බන්ධ බවට ප්‍රකාශයක් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සිදු කළා.

පසුගිය ජනපතිවරණයේදී තමන්ට විරුද්ධව ඡන්දය භාවිතා කරන්නැයි කාදිනල්වරයා පැවසුවත් එය තමාට ප්‍රශ්නයක් නොවන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles