මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 632 දක්වා ඉහළට

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 632 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 329 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

මරකේෂ් නගරයේ සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇති අතර භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ (සැප්. 8) රාත්‍රී 11:11ට හට ගෙන තිබෙනවා.

ඉන් මිනිත්තු 19 කට පසුව රික්ටර් මාපක 4.9ක පසු කම්පනයක් ද සිදුවූ බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles