වැඩ බලන ඇමතිවරු 4ක් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ 4 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත්කර තිබෙනවා.

ඒ ජනපතිවරයා විදෙස් ගත වීම නිසා අදාළ අමාත්‍යාංශ වල රාජකාරි සිදුකිරීමටයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බවයි.

එසේම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබෙන බවයි එම මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles