හරින්ගේ ‘තාත්තාගේ කතාව’ කතා කරන්න එපා – නීතිපති

මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදීන් පිරිසක් 2019.4.21 වැනි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබූ හෙයින් එදින කතෝලික දේවස්ථානවලට නොයන ලෙසට සිය පියා රෝහල්ගත වී සිටියදී තමාට ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහිව තවදුරටත් විමර්ශන කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විමර්ශන නිලධාරීන්ට දන්වා ඇතැයි නීතිපතිවරයා ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

තමා කළ එම ප්‍රකාශය මුල්කරගෙන තමන් අත්අඩංගුවට ගැනීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම වළක්වන නියෝගයක් කරන ලෙස හා ප්‍රකාශ ලබාගැනීමට තමාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා ලෙස ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles