ගජේන්ද්‍රන්ට පහරදුන් අය අත්අඩංගුවට ගන්න : සුමන්තිරන් (Video)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතාට ඉරිදා (17) ත්‍රිකුණාමලයේදී පහර දුන් අපරාධකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී M. A. සුමන්තිරන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් හුවමාරු වූ වීඩියෝ දර්ශනවලින් සැකකරුවන් හඳුනා ගත හැකි බව පවසමින් ඔහු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන්ගෙන් ද ඉල්ලා සිටින්නේ වචනයෙන් කියන සංහිඳියාව ක්‍රියාත්මක කරන ලෙසයි.

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් නිරාහාර උපවාසයක නිරත වූ තිලීපන් සමරමින් කරන ලද වැඩසටහනකදී මෙම ප්‍රහාරය එල්ල වූ අතර පොලිස් නිලධාරීන් මැර ප්‍රහාරයට එරෙහිව සැලකිය යුතු මැදිහත්වීමක් නොවූ බවට චෝදනා එල්ල වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles