හිටපු නගරාධිපති තුෂාර සංජීවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කෙරුණු වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත්කළ අතුරු නියෝගයක් අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණ අතර එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනයක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත්කර තිබුණා.

මෙම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles