ඉන්දියාවේ බිත්තර කෘතිමයි කියන්නේ බලාගෙනයි!

ඉන්දියාවෙන් ආනයනය කර මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඇති බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

දැනට ඉන්දියාවේ බිත්තර මිලියන සියයක් පමණ මෙරටට ගෙන්වා බෙදා හැර ඇති බවත් එම කිසිදු බිත්තරයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවත් සංස්ථාවේ සභාපති ආසිරි වනිගසුන්දර මහතා පෙන්වාදෙනවා.

මෙරටට බිත්තර ආනයනය කරන්නේ ඉන්දියාවේ සහ මෙරට රසායනාගාර තුළ සිදුකරන පරීක්‍ෂණ වලින් පසුව බවයි හෙතෙම පවසන්නේ.

එනිසා ආනයනික බිත්තර සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර නොගන්නා ලෙස ද හෙතෙම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන්නේ කෘතිමව නිෂ්පාදනය කරනු ලබන බිත්තර බවට සමාජජාලාවල එල්ල වන චෝදනා පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles