හිස් ඉඩම් වලට ආණ්ඩුවෙන් කරන්න යන දේ

රට තුළ ඇති වගා නොකළ සියලු ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පැනවීමට සුදානම් වෙනවා.

ඒ අනුව එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගැනීමට යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ

රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇති බවත් රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවත් සඳහන් වෙනවා.

වගා නොකර ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බවත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles