එලොන් මස්ක්ටත් අගහිඟකම්?

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පසුගිය දා පැවති සංවාදයකදී, X (Twitter) හි හිමිකරු ඉලොන් මස්ක්, සියලුම පරිශීලකයින් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ඔහු මෙම පියවර හඳුන්වාදීම ගැන සඳහන් කර ඇත්තේ බොට් ගිණුම් සහ ව්‍යාජ ගිණුම් පිළිබඳ ගැටලුව ඉදිරියට දමමිනුයි.

X යෙදුම භාවිතා කරන සියලුම දෙනා සඳහා ගාස්තුවක් හඳුන්වා දීමේ අදහස අලුත්ම එකක් නොවන්නේ, දැනටත් මුදල් ගෙවා ලබාගත හැකි ඉහළ පහසුකම් සහිත X Premium සේවාවක් එහි ක්‍රියාත්මක වන නිසයි. දැනට මෙම ප්‍රිමියම් සේවාව මාසිකව රුපියල් 2500කට පමණ මුදලකට ලබා ගත හැකි වනවා.

X හි මාසික පරිශීලකයින් මිලියන 550 ක් සිටින බවත්, සෑම දිනකම පළ කිරීම් මිලියන 100-200 අතර ප්‍රමාණයක් සිදු කරන බවත් මස්ක් එම සංවාදයේදී පවසා සිටියා.

ගාස්තුවක් හඳුන්වා දෙනු ලැබීමෙන් ව්‍යාජ ගිණුම් සහ බොට්ස් ගිණුම්වල ක්‍රියාකාරිත්වය බොහෝ දුරට අඩු වී යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම මාසික ගාස්තුව විශාල මුදලක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles