නැවතත් මාරාන්තික වසංගත අවදානමක්?

ඉන්දියාවේ Nipah වෛරසය නැවත පැතිරීම ගැන ඇති වූ සැකය නිසා දකුණු කේරළ ප්‍රාන්තයේ අවදානම් තත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළේ 2018 වසරෙන් පසු සිව්වන වතාවට වෛරස වාර්තා වීම නිසා පුද්ගලයින් දෙදෙනෙකු මෙම රෝගයෙන් මිය යාමෙන් පසුවයි.

පාසල් සහ කාර්යාල වසා දමා ග්‍රාමීය ප්‍රදේශ 7කට පමණ සංචරණ සීමා පනවා අවදානම් කලාප ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2018 දී Nipah වෛරස පැතිරයාම නිසා අවම වශයෙන් 21 දෙනෙක් මිය ගිය අතර වසංගතය පැතිරයාම සාර්ථකව පාලනය කර ගැනීමට කේරළ ප්‍රාන්ත රජය සමත් වුණා.

Nipah වෛරසය යනු කුමක්ද?

මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ඌරන් සහ මිනිසුන් අතර ඇති වූ වසංගතයකින් පසුව 1999 දී Nipah වෛරසය (NiV) ප්‍රථම වරට සොයා ගන්නා ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් 300 කට ආසන්න සංඛ්‍යාවකට ආසාදනය වී සහ මරණ 100 ක් පමණ වාර්තා වුණා.

1999 සිට මැලේසියාවේ සහ සිංගප්පූරුවේ Nipah පැතිරීමක් වාර්තා වී නැතත්, ආසියාවේ සමහර ප්‍රදේශවල – ප්‍රධාන වශයෙන් බංග්ලාදේශය සහ ඉන්දියාවෙන් වාර්ෂිකව පාහේ රෝගීන් වාර්තා වුණා.

වෛරසය පළතුරු වවුලන්, ඌරන් සහ මිනිසා-මිනිස් සම්බන්ධතා (කෙළ හෝ මුත්‍රා වැනි) මගින් පැතිර යා හැකි බව සොයාගෙන තිබෙනවා. මිනිසෙකුට ආසාදනය වූ පසු, Nipah මිනිසාගෙන් මිනිසාට ආසාදනය වන වෛරසයක් බව සොයාගෙන තිබෙනවා.

රෝග ලක්ෂණ රහිත ආසාදනයේ සිට උග්‍ර ශ්වසන ආසාදන සහ එන්සෙෆලයිටිස් (මොළයේ ඉදිමීම) දක්වා විහිදෙන අතර පැය 24-48 තුළ කෝමා තත්ත්වයට පත් වීම සිදුවිය හැකි වෙනවා.

දැනට Nipah වෛරසයට එරෙහිව එන්නත් සොයා ගෙන නැහැ. පෙර වසංගත වලදී ලබාගත් අත්දැකීම් සහ තොරතුරු මත පදනම්ව පැතිරයාම පාලනය කිරීම කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන්නේ. සතුන් වෙතින් බෝවෙන වෛරසයක් නිසා ආහාර සම්බන්ධ සුරක්ෂිතතාව වැදගත් බව දැක්වෙනවා. සම්මත රෝග ආරක්ෂණ පියවරයන්ට අමතරව නිසි පූර්වාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම, ආසාදන අවම කිරීම, විෂබීජහරණය වැනි පියවරයන් වෛරස පැතිරයාමට එරෙහිව යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්වය ආසන්න ඉන්දියාවේ සිදුවන මෙහි ශ්‍රී ලංකාව කෙරෙහිත් යම් කිසි අවදානමක් ඇති බව සැලකිය හැකි වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles