විකාශන අධිකාරි පනතෙන් FM නාලිකා වැහෙයි ද?

සම්මත වුවහොත් දැනට තියෙන විකාශන ආයතන සියල්ලෙහි බලපත්‍ර අවලංගු වන බවයි ආණ්ඩුව පවසන්නේ.

දැනට රටේ විකාශන ආයතන 33ක් ක්‍රියාත්මක වන අතර ඒවා දැනට 1966 අංක 37 දරන ගුවන්විදුලි සංස්ථා පනත යටතේ සහ 1982 අංක 06 දරන රූපවාහිනි සංස්ථා පනත යටතේ ක්‍රියාත්මක වෙනවා.

එම පනත ක්‍රියාත්මක වුවහොත් මාස 6ක් ඇතුළත දැනට තියෙන විකාශන ආයතන සියල්ලගේ ම බලපත්‍ර අවලංගු වී ඔවුන්ට අලුතින් බලපත්‍ර අයැදුම් කරන්නට සිදුවන බවත් සඳහන්.

ඒ අනුව එම බලපත්‍ර නැවත ලබා දෙනවා ද ? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ ජනාධිපති විසින් පත්කරන පස් දෙනෙකුගෙන් සමන්විත කොමිසමකින්. එම කොමිසමට අමාත්‍යංශ ලේකම්වරයෙක් සහ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළුව සෙසු සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියට යටත්ව ජනපති විසින් පත්කරනු ලබනවා.

මෙසේ ක්‍රියාත්මක කිරීමට නියමිත විකාශන අධිකාරී පනත ගැන සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කැඳවා තිබුණු රැස්වීමකට ලංකාවේ සියලු ම විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් සහභාගි වී තිබුණා.

එසේම විපක්ෂයේ වෙනත් පක්ෂ නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චරිත හේරත් හා චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරුන් ද සහභාගි වූ මේ රැස්වීමේදී මාධ්‍ය ආයතන නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ මේ පනත හරහා බරපතළ මාධ්‍ය මර්දනයකට ඉඩ සැලසෙන බවයි.

එසේම වසරකට වරක් බලපත්‍රය අලුත් කිරීමට සිදු වීම තුළ වක්‍ර ආකාරයෙන් මාධ්‍ය නිදහස පාලනය වන අතර, ඒ මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ රැකියාවල ස්ථාවරත්වය ගැන ගැටලුවක් පැන නගින බව ද සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles