එදා ආරක්ෂක මණ්ඩලයට රනිල් ගත්තේ නැහැ : වජිර කියයි

පාස්කු බෝම්බ පිපිරුනාට පසු ආරක්ෂක මණ්ඩලයට පැමිණි එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී (22)සඳහන් කළා.

ඔහු ද එදින අග්‍රාමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බවත් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැනගත් ආරක්ෂක මණ්ඩලයේ කෙනෙක් පැමිණ එතුමාට ඔහොම ඉන්න පැවසූ බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

එම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් එතැන සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නොසිටි බවත් පවසනවා.

ආරක්ෂක මණ්ඩලයේ දොර වැහුන ද අග්‍රාමාත්‍යවරයා පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා හවස පහ හය වන විට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමටත් ඉතිරි ත්‍රස්තවාදීන් පුපුරුවාගෙන මැරෙන තැන් පිළිබඳව සෙවීමට කටයුතු කළ බවත් සඳහන් කරනවා.

එම නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කී කාරණා සියල්ලම මහාධිකරණයට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළා.

ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයන් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බවත් සමහර දේශපාලකයන්ගේ කතා දකින විට ත්‍රස්තවාදීන් මෙන්ම ලෝකයත් හිනා වෙන බවත් සඳහන් කරමින් පැවසුවේ පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය දකින විට කණගාටුවක් ඇති වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles