ඩයනාගේ නඩුව ගැන කියන්න වෙබ් අඩවියක්!

පුරවැසිභාවය සම්බන්ධ නඩුවකට මුහුණ දී සිටින රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට අදාළ නඩුව ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා වෙබ් අඩවියක් ආරම්භ කර ඇති බව සිවිල් ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් සඳහන් කරනවා. ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරණ බැවින් ඇගේ මන්ත්‍රි ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා මේ නඩුව පවරා ඇත්තේද ඕෂල හේරත් විසිනුයි. එම වෙබ් අඩවියට පහතින් පිවිසිය හැකියි.

http://www.dianagamage.info/

ඉකුත් යහපාලන රජයේ ජනාධිපති නවමාධ්‍ය අංශයේ ප්‍රධානියෙක් ලෙසද ඕෂල හේරත් කටයුතු කළා. කෙසේ වෙතත් නිවැරදි ක්‍රියාමාර්ග වෙනුවෙන් මහජන සහයෝගය ලබා ගැනීම වැදගත් බවයි ඕෂල සඳහන් කරන්නේ.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරන රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය සිය තීන්දුව ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. 2020 අගෝස්තු මාසයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සමගි ජනබලවේගයෙන් පත් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7න් එකක් ලබා දෙනු ලැබුවේ ඩයනා ගමගේටයි. කෙසේ වෙතත් ඇය පිල් මාරු කරමින් ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ඉදිරිපත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles