ලංගම බස් රථය නවතා රියදුරු පැහැරගෙන

ගම්පොළ, ප්‍රදේශයේ දී බස්රථ රියදුරෙකු පැහැරගැනීමට ලක්ව තිබෙනවා.

අද (24) උදෑසන මාවෙල සිට ගම්පොළ බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ධාවනය වෙමින් තිබූ බස්රථය හරස් කර වෑන් රථයක් නවතා පැමිණි පිරිස රියදුරු පැහැරගෙන ගොස් තිබෙනවා.

මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ 46 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම පැහැරගැනීම සිදුකළේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගම්පොළ පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles