ෆ්‍රයිඩ් රයිස් එකේ මැස්සො ඉන්න බව කීවාම, මුදලාලි ඇවිත් බෙල්ල කාලා!

පාරිභෝගික කාන්තාවක් විසින් තමන්ට ආහාරය සඳහා ලබා දුන් ෆ්‍රයිඩ් රයිස් එකක මැස්සන් සිටින බව දැනුම් දුන් පසු කඩහිමියා විසින් මැරයන් කැඳවා ඇයට අඩන්තේට්ටම් කර ගෙල සපා කෑ පුවතක් වාර්තා වනවා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ “සෞභාග්‍යා” නම් හෝටලයක හිමිකරුවන් මෙම පහරදීම සිදු කර ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ වන්දනා චාරිකාවක් ගිය පිරිසකට බවයි කහටගස්දිගිලිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ. කෙසේ වෙතත් හෝටල් හිමියා මැර පිරිසක් කැඳවා චෝදනා කළ පිරිසට පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍යවල වාර්තා වුණා. සපා කෑමට ලක් වූ කාන්තාව කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles