දරුවෙකු බේරා ගැනීමට ගිය වෛද්‍යවරියට දිවි අහිමි වෙයි

මහනුවර ජාතික රෝහලේ 4 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මාස දෙකක් වයසැති දරුවෙකු බේරා ගැනීමට වෙහෙස වු වෛද්‍යවරියක මිය ගොස් තිබෙනවා.

එසේ මිය ගොස් ඇත්තේ රුධිර පීඩනය වැඩි වී නිවසට වී විවේක ගනිමින් සිටි එම රෝහලේ සේවය කළ වෛද්‍ය ෆාහිමා සහඬින් නම් වෛද්‍යවරියයි.

ඒ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස දෙකක් වයසැති දරුවකුගේ සිරුර නිල් පැහැ ගැන්වී ගෙන එන බව දැන විවේකීව සිටි වෛද්‍ය ෆාහිමා කඩිනමින් එම දරුවා පත්ව සිටි භායානක තත්වයෙන් බේරා ගැනීමට රෝහළට පැමිණෙනවා.

නමුත් වෛද්‍යවරියට තිබූ රුධිර පීඩනය තත්වය එම අවස්ථාවේ නැවත උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය දින දහයක් පමණ ප්‍රතිකාර ලබමින් සිට දී ඇය මරණයට පත්ව තිබෙනවා.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ප්‍රථම වෛද්‍යවරියගේ රුධිර පීඩන තත්වය මැන බැලීමේදී රුධිර පීඩන දෙසීයකට ඉහළ ගොස් තිබූ බවයි මහනුවර රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය පවසන්නේ.

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරිය පසුගිය සති අන්තයේ මිය ගොස් තිබුණා. මියයන විට පනස් දෙ හැවිරිදි වියේ පසු වී ඇති ඇය අධි රුධිර පීඩනය නිසා හිසේ නහරයක් පුපුරා ගොස් අභ්‍යන්තර ලේ වහනයක් සිදු ව මිය ගොස් ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles