තරහ වූ හිමිනම වැසිකිළි පෝච්චිය ගලවගෙන ගිහින්

මිහින්තලේ ප්‍රදේශයේ ගම්මානයක භික්ෂුවක් දායකයන් සමග උරණ වී තමන් වැඩ විසූ විහාරයේ වැසිකිළි පෝච්චිය පවා ගලවාගෙන ගොස් තිබෙනවා.

එසේම මෙම භික්ෂුව විහාරස්ථානයේ තිබූ ශීතකරණය ද තම නැගණියගේ විවාහ මංගල උත්සවය දා දෑවැද්දට දී ඇති බවයි දායකයන් සඳහන් කරන්නේ.

පසුගිය සැප්. 24 වන දා වෙනත් භික්ෂූන් වහන්සේ නමක් මෙම විහාරස්ථානයේ අධිපති ලෙස පත් කිරීමත් සමඟ අදාළ භික්ෂුව තමන් වැඩ විසූ කාලය තුළ ඉදි කරන ලද වැසිකිළි කිහිපයක වැසිකිළි පෝච්චි, එහි දොරවල්, මල් පෝච්චි, ධර්ම ශාලාවේ එක් කාමරයක තිබූ සිවිලිම හා දොර, පන්සලට පූජා කර තිබූ පැදුරු කොට්ට, පූජා භාණ්ඩ ඇතුළු බඩු බාහිරාදිය රැගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියෙන් විමසීමක් කළ අතර, එම පොලිසිය පැවසුවේ, එවැනි සිද්ධියක් වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් තවමත් ලැබී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles