මහෙස්ත්‍රාත්වරයෙක් ඉල්ලා අස්වෙයි

මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු වන ටී. සරවණරාජා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය 23වන දින ඔහු විසින් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබුණ.

තමාට එල්ල වන තර්ජන හේතුවෙන් මතුවී ඇති ආතතිය මත ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔහු අදාළ ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ.

මුලතිව් ප්‍රදේශයේ පසුගිය කාලය තුළ සිදුවූ සංවේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා නියෝග ලබාදී තිබෙන අතර අදාළ මහෙස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීමෙන් පසු විදෙස්ගතවී ඇති බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles