ජනාධිපතිවරණයේදී පොහොට්ටු සහාය රනිල්ට දෙන්න තීරණයක්?

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව විශ්වාසකටයුතු දේශපාලන ආරංචි මාර්ගයක් Lankaline වෙත සැලකර සිටියා.

මීළඟ ජනාධිපතිවරණය ආසන්නයේ ඇති බවත්, ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තරම් ජනතා සහයක් ඒ වෙද්දීත් තම පක්ෂයට ලැබෙනු නැති බවට මෙම යෝජනාව ඉදිරිපත් කරන කණ්ඩායම ගණන් බලා ඇතැයි එම ආරංචිමාර්ගය පවසනවා. එසේ ම සිය පක්ෂය කොටස් ගණනාවකට කැඩීම වළක්වා ගැනීමටත් එම තීරණය මගින් හැකි වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් නුදුරු ජනාධිපතිවරණයේදී වත්මන් ජනපතිවරයාට සහය දීමෙන් තවත් ධුර කාලයක් දක්වා රාජ්‍ය බලය ඇසුරේ තම ජනප්‍රියභාවය වර්ධනය කර ගත හැකි බවත්, ඉන්පසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජාතික නායකයෙකු ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි බවත් කියමින් එම කණ්ඩායම සමඟ සිටින රාජ්‍ය අමාත්‍යවරයෙකු කරුණු දක්වා ඇති බවයි කියැවෙන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles