නවත ම කාලගුණ තත්වය මෙන්න

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ඊයේ (29) නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කරන අතර උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එහි දැක්වෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට කිලෝමීටරයකට 40-45 පමණ තද සුළං ඇති වෙන බවට අනුමාන කෙරෙනවා.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ රත්නපුර ගුරුළුවාන ප්‍රදේශයෙන්. එය මිලිමීටර් 152.4ක් ලෙස වාර්තා වුණා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බවයි.

ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles