විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකු වල්ලාපට්ට ජාවාරමක

මිලියන 500 වටිනාකමක් ඇති බව කියන වල්ලාපට්ට තොගයක් සමඟ විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකු ඊයේ (01) පානදුර වලාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

63 හැවිරිදි මෙම පුද්ගලයා විසින් වලංගු ලියකියවිලි නොමැතිව සුඛෝපභෝගී මෝටර් රථයකින් වල්ලාපට්ට ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සහ වල්ලපට්ටා තොගය පරීක්ෂණ සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු රාජ්‍ය බැංකුවක විශ්‍රාමික කළමනාකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles