ත්‍රීරෝද රථ සහ බස් ගාස්තු වැඩිවෙයි ද

අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන මිල ඉහළ ගියද ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පවසන අතර නමුත් එය නිසි ක්‍රමවේදයකට අනුව නියාමනය කළ යුතු බවට ද සඳහන් කරනවා.

මේ අතර, ‍ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බවයි සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ද ඉහළ දැමීමට පියවර ගැනීම මෙලෙස බස් ගාස්තුද ඉහළ දැමීමට හේතුවක් වන බවයි එම සංගමය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles