විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවසක් වටලයි

දූෂණ චෝදනා ලැබූ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවස ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය විසින් අද (4) වටලා තිබෙනවා.

ඒ අනුව, ෆෙඩරල් ආයතනවල ප්‍රශ්න කිරීමට ලක්වූ මීළඟ පක්ෂ නායකයා වන්නේ දිල්ලි අගනුවර ආම් ආද්මි පක්ෂයේ (AAP) සන්ජේ සිං ය.

දිල්ලියේ මත්පැන් අලෙවිකරණ ප්‍රතිපත්තියට සම්බන්ධ, මුදල් විශුද්ධිකරණ චෝදනාවකට අදාළව බලධාරීන් විසින් මෙම විමර්ශන සිදු කරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දුෂණයට එරෙහි ව්‍යාපාරයක් ලෙස මීට වසර 10කට පමණ පෙර මතුවී පැමිණි ආම් ආද්මි පක්ෂය (AAP) මූල්‍ය දුෂණ චෝදනා මත ප්‍රශ්න කිරීමට ලක්වීම, එම පක්ෂයට දැඩි සේ බලපාන කාරණයක් බව එරට මාධ්‍ය වාර්තා කරමින් පෙන්වා දෙනවා.

මෙම චෝදනාවට සම්බන්ධ ආම් ආද්මි පක්ෂයේ (AAP) අනෙකුත් දේශපාලකයන් ද සෝදිසි කිරීමට ලක් කරන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles