ලෝක කුසලානෙට ගිය කුමාර් ධර්මසේනට අධිකරණයෙන් නොතීසි

නිවසකට අයුතු ලෙස ඇතුල්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 12 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ඇතුලු බින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලයේ 12 දෙනකුට නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කරනු ලැබුවා.

වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති අයෙකු විසින් නාරාහෙන්පිට පොලිසියද වගඋත්තරකරුවන් කරමින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් පිළිබඳව සලකා බලමිනුයි, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

නාරාහේන්පිට පොලිසියටද අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා කුමාර් ධර්මසේන ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔක්තෝබර් 5 දින පැවැත්වෙන එංගලන්ත-නවසීලන්ත ක්‍රිකට් තරඟය විනිශ්චය සඳහා ද කුමාර් ධර්මසේන යොදවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles