ධනුෂ්ක සටනට සැරසෙයි – ඕස්ට්‍රේලියාවට එරෙහිව නඩු මගට

ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර කිරීමේ නඩුවකින් පසුගියදා නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාගේ නඩුව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරන බව පවසනවා.

සිඩ්නි නුවරදී මාස 11ක නඩු විභාගයකින් පසු ඊයේ (03) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි ධනුෂ්ක ගුණතිලක පවසන්නේ ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව තමාට චෝදනා කළ කාන්තාවගෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කළ හැකි බවත්, ඒ හරහා තමාගේ නඩු විභාගයේදී ඔහුගේ නීති ගාස්තුවට වන්දි ඉල්ලා සිටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔහු එහිදී කියා සිටියා.

ආසියානු කුසලානය සහ ලෝක කුසලානය අහිමිවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළ ගුණතිලක, ක්‍රිකට් ක්‍රීඩාවට නැවත ලබා දීමට තමාට තවත් බොහෝ දේ ඇති බවත් ඉක්මනින් නැවත පුහුණුවීම්වලට පිවිසීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles