අධික බීමත් පොලිස් නිලධාරියා පුද්ගලයෙකු යට කර පළා යයි (වීඩියෝ)

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ පදික මාරුවේදී පුද්ගලයෙකු අනතුරට ලක් කර පළා ගිය බවට නිල ඇඳුමින් සිටි බීමත් රථවාහන පොලිස් නිලධාරියෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානය කර තිබියදීත්, එම නිලධාරියා තම වරද පිළිනොගෙන අදහස් දක්වන අයුරු සමාජ මාධ්‍යයේ පළ කර ඇති වීඩියෝවේ දක්නට ලැබෙනවා. අවට සිටි පිරිස සහ පූජකවරයෙක් පොලිස් නිලධාරියාගේ පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු කළ වරදේ බරපතළකම පැහැදිලි කරන අයුරුද එම වීඩියෝවේ දක්නට ලැබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයාගේ අතේ සහ පාදයේ අස්ථි බිඳීමකට ලක්ව ඇති අතර, ඔහු කඩිනමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. සිද්ධියෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා තමා හැප්පුණු පුද්ගලයාගේ තුවාල ගැනවත් නොබලා ත්‍රිරෝද රථයකින් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික පූජකවරයා මහබාගේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර බීමත් පොලිස් නිලධාරියා කළ වරදට එරෙහිව පියවර ගන්නා ලෙසට ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles