මාධ්‍යවේදියෙකුට බැණ වැදුණු ජනපති රනිල් ගැන හරිනි තැබූ සටහන

ආන්දෝලනයකට තුඩුදුන් ජර්මනියේ Deutsche Welle (DW) ප්‍රවෘත්ති නාලිකාව සමඟ ජනපති රනිල් වික්‍රමසිංහ කළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඔහු කලබල වී කෝපයෙන් කතා කළ බව දකින්නට ලැබුණා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් නිවේදකයා ප්‍රශ්න කරද්දී ඔහු තදබල ලෙස මාධ්‍යවේදියාවද විවේචනය කරමින් අදහස් පළ කරනු ලැබුවා. තමා සම්මුඛ සාකච්ඡාවෙන් ඉවත් වන බවට පවා ජනාධිපතිවරයා එහිදී ඉඟි පළ කරනවා.

කෙසේ වුවත් මෙම සාකච්ඡාව පිළිබඳ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනි හරිනි අමරසූරිය ට්විටර් සටහනක් දමා තිබෙනවා.

එහිදී ඇය කියාසිටින්නේ අදාළ සම්මුඛ සාකච්ඡාවෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික බව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ චතුරත්වය මඟින් මැනීම මිනිසුන් විසින් දැන්වත් නවත්වනු ඇති බවයි.

එම සටහන පහතින්,

රනිල් වික්‍රමසිංහ ජර්මානු රූපවාහිනිය සමඟ කළ විනාශකාරී සම්මුඛ සාකච්ඡාවෙන් පසු, මිනිසුන් ඉංග්‍රීසි චතුරභාවය බුද්ධිය, නිපුණතාවය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සමඟ සම කිරීම නවත්වනු ඇතැයි අපේක්ෂා කරමු!!

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles