ත්‍රී රෝද රථ රියදුරන්ට ඇමති ප්‍රසන්න කරන්න යන දේ

රටේ ජනගහණයෙන් 2%ක් පමණක් වන ව්‍යවසායකයන් ප්‍රමාණය ඉදිරි වසර පහ තුළ 10%ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

එසේම සාමාන්‍ය පෙළ සමත්ව ‍ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස රැකියාවෙහි නිරතව සිටින තරුණයන් හට දෙවැනි පෙළ රැකියා අවස්ථා උදාකරදීම සඳහා ඔවුන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

“මේ රටේ තරුණයන් විශාල පිරිසක් ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස රැකියාවල නිරතව සිටිනවා. ඔවුන්ව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට දෙවැනි රැකියා අවස්ථා බිහි කළ යුතුයි. මේ සඳහා ජල නළ අලුත්වැඩියාව, විදුලි කාර්මික පුහුණුව වැනි වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි.

ඒ වගේම ඔවුන්ටත් ණය පහසුකම් ලබාදී ව්‍යවසාකයන් බවට පරිවර්තනය කළ යුතුයි. ව්‍යවසාකයන් සිටින්නේ ජනගහණයෙන් 2%ක් පමණයි. එම සංඛ්‍යාව ඉදිරි වසර පහ ඇතුළත 10%ක් දක්වා වර්ධනය කළ යුතුව තිබෙනවා.

එසේ වුවහොත් රජය බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක කරා යෑමට ඔවුන්ගේ සහාය ද ලබාගත හැකි වෙනවා. අප රටේ බුද්ධිමත් මානව සම්පතක් සිටිනවා. ජාතික නිෂ්පාදනය වැඩිකර, ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන්ගේ දායකත්වය ද ලබාගත යුතුයි” යනුවෙන් හෙතෙම වැඩිදුරත් අදහස් දැක්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles