මාධ්‍යවේදිනියකට අවුරුදු 08ක සිර දඬුවමක්

Marina Ovsyannikova යන රුසියානු මාධ්‍යවේදිනියට අවුරුදු 08කට සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ රැසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව සජීවීව ඊට විරෝධය ප්‍රකාශ කිරීම හේතුවෙන්.

Marina Ovsyannikova වයස 45 කි. ඇයට වසර 8 මාස 05ක සිරදඬුවමක් ලබා දී ඇත්තේ මොස්කව් අධිකරණය විසිනි.

එසේම ඇයට අන්තර්ජාලය ඇතුළු විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ කිසිඳු ක්‍රියාකාරකමක නිරත වීමට වසර හතරක කාලයක් තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය රුසියානු සන්නද්ධ හමුදාවන් පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන්ද වරදකරු වී තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles