කබ්රාල් සහ වීරතුංග නඩුවෙන් නිදහස් වූණේ කොහොම ද?

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 65 ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමක් කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහි පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කර එම නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම නඩුව සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින්.

මෙම පෞද්ගලික පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නාලන්දාරාම, නුගේගොඩ ලිපිනයැති තීනියාවල පාලිත හිමියන් විසින් බවයි සඳහන් වෙන්නේ.

පෞද්ගලික පැමිණිල්ලේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස්කර ගනු ලබන බවට උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කළ ඉල්ලීමකට අනුව ඉකුත් ජනවාරි මස 23 වැනිදා එම නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

එසේම නැවතත් එම පෞද්ගලික පැමිණිල්ල පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වශයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන අය නම් කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ අරමුණට මුවාවී එවකට එනම් 2014වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිට, ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවයේ නියුතුව සිටි ඉමාඞ් ෂා සුබයිර් යන අයට ගෙවා ඇති බවට සඳහන් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහිවයි මෙම පෞද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles