ශ්‍රී ලංකා ක්‍රිකට් තරුෂිට තෑගි දෙයි

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමන් රටට ආඩම්බරයක් ගෙනදුන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඇගේ දැඩි කැපවීම, උත්සාහය සහ දක්ෂතාව අගයමින් මේ ත්‍යාගය පිරිනමන බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව තරුෂිට රුපියල් මිලියන10ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles