භූ විද්‍යා ලොක්කෙක් අල්ලස් ගනිද්දී අල්ලයි

වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුවරයා සහ රියදුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හම්බන්තොටදී ඊයේ (5) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැලි ව්‍යාපාරිකයකුගෙන් වැලි කැණීම් බලපත්‍රයක් ලබා දීම සදහා නිලධාරියා අල්ලසක් ඉල්ලා ඇති බවත් වැලි ව්‍යාපාරිකයා ඒ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කාර්යාංශයට දැනුම් දීමෙන් පසුව එහි නිළධාරීන් පැමිණ වැලි ව්‍යාපාරිකයා අම්බලන්තොට සේනානායක මාවතේදී අල්ලස දෙනවාත් සමඟම කැණීම් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අත් අඩංගුවට ගත් ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා හා ඔහු ගේ රියදුරු අද (06) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles