වැසි නොනවතී: ප්‍රවේශමෙන්!

දැනට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහපයේදී පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්  50ට වැඩි තරමක් තද වැසි ඇති වන බවත් එහි දැක්වෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තද වැසි ඇතිවන බවයි සඳහන් වන්නේ.

වර්ෂාව නිසා සිදුවන නායයාම්, ගස් කඩා වැටීම්, මාර්ග අනතුරු ආදිය බහුල වී තිබෙනු දිවයින පුරා වාර්තා වෙනවා. මේ දිනවල කටයුතු කිරීමේ දී ජනතාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි ජාතික රෝහල් ප්‍රකාශකයෙකු lankaline වෙත පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles