සුඛෝපභෝගී ජීප් එක රථවාහන රාජකාරියේ සිටි නිලධාරියා යට කරයි (වීඩියෝ)

කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු ඊයේ (05) සවස සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

මෝටර් රථය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට ධාවනය වෙමින් තිබියදී සීසීසී ක්‍රීඩාංගණය අසල වටරවුමේදී මෙම අනතුර සිදුව ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

එම ස්ථානයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා යටකරමින් වටරවුම මැද තිබූ දිය පොකුණේ ගැටී ඇති බවයි සීසීටීවී දර්ශනවල තිබෙන්නේ.

මෝටර් රථයේ රියදුරු අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරට ලක්ව ඇතැයි අනුමාන කෙරෙනවා.

අනතුරින් තුවාල ලැබූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා

වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles