ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්: විශාල පිරිසක් මරුට!

බටහිර ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවකින් පසු සිදුවූ දැඩි පසු කම්පනයකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගිය බව ප්‍රාදේශීය බලධාරීහු පවසනවා. සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව සිදුවන අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

රික්ටර් පරිමාණ 6.3 ක ප්‍රබල භූමිකම්පාව ඊයේ (සෙනසුරාදා) හීරාත් නගරයට කිලෝමීටර් 40ක් බටහිර දෙසින් සිදු වූ අතර, අසල්වැසි Badghis සහ Farah පළාත්වලට ප්‍රබල පසු කම්පන දැනී තිබුණා.

400කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ. ගොඩනැගිලි සුන්බුන් අතර තවත් පිරිස් සිරවී සිටින බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles