දේශපාලන නායකයන්ගේ කටවුට් ගහන්න එපා

කටවුට් සහ පෝස්ටර්වලට සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

එසේම සෑම පෝස්ටරයකම තම තමන්ගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද එසේ නොකරන ලෙස ද ඉල්ලා අවධාරණය කරනවා.

අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බව අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටවුට් සහ සටන් පාඨ දේශපාලනය රට අගාධයට ඇද දැමු බව ද පවසනවා.

එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බවත් අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බවත් සඳහන් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට (08) දා පෙරවරුවේ එක්වෙමිනි.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට ඊයේ (07) සහ අද දින සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම් දුන් බවත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles