ජැක්සන්ගේ අවසන් කටයුතු සිදු වන දිනය

අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා (12) සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබෙනවා.

මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බවටයි ඥාතීන් දැනුම් දී ඇත්තේ.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද අලුයම අභවප්‍රාප්ත වී තිබුණා.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles