ඊශ්‍රායල සටනට මැදී වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අතුරුදහන්

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කරනවා.

එසේම ඊයේ(8) දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණා.

ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවත් එයින් බොහෝ පිරිසක් අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවත් ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරනවා.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග එක්ව මෙරට රජය කටයුතු කරන බවයි, ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කරන ලෙසද විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

එමෙන්ම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ නැති නම් ඔවුන් පිළිබඳව තොරතුරු ලබාගැනීමට 1989 අංකය අමතා දැනුම් දෙන ලෙසද සඳහන්.

එසේ හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට සෙනසුරාදා (07) ප්‍රහාර එල්ල කරන අතරතුරදී එම සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයින් 30 දෙනෙක් පමණ පැහැරගත් බව ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය පවසනවා.

එහි නායක ශියාඩ් අල්-නකාලා ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශියාඩ් අල්-නකාලා පවසන්නේ, ඊශ්‍රායලය රඳවාගෙන සිටින සියලුම පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් එම පැහැරගත් පුද්ගලයින්ව නැවත නොයවන බවයි.

මේ අතර පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා ඇතිවූ සිද්ධීන් වලින් දෙපාර්ශ්වයේම 1,100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තහවුරු කරනවා.

එතෙක් මෙතෙක් ඊශ්‍රායලයට එල්ලකළ දරුණුතම පලස්තීන ප්‍රහාරය ලෙස මෙය බවත්, ඉන් ඊශ්‍රායල ජාතිකයින් 700කට අධික පිරිසක් මියගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කරනවා.

එසේම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ පුද්ගලයින් 400 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles