ආණ්ඩුව ජනතාවට විස කේක් ගෙඩියක් දෙන්න හදනවා

රජය විසින් සකස් කරන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාව ජනතාව රැවටීමේ උත්සාහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ දැනටමත් නියමිත මැතිවරණ ප්‍රමාද කර ඇති වත්මන් රජය ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ තවදුරටත් කල් දැමීමට උපාය මාර්ග සකසමින් සිටින බවයි.

ඔහු මෙම මැතිවරණ සංශෝධනය වස යෙදූ කේක් ගෙඩියකට උපමා කළා.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කළේ පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධී ලෙස කල් දැමීම ජනතා පරමාධිපත්‍ය බලය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි.

“සමච්චල් කිරීම, අපහාස කිරීම සහ නින්දා කිරීම තුළින් මහජන පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් කළ ජනාධිපතිවරයෙකුගේ නායකත්වයෙන් යුත් රජයකින් මැතිවරණයක් අපේක්ෂා කිරීම සිහිනයක් බව පෙනිය හැකියි. කෙසේ වෙතත්, එවැනි ක්‍රියාමාර්ගයන්ට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම භාවිතා කිරීමට අපි සම්පූර්ණයෙන්ම සූදානම්, ” යනුවෙන් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles