හරකෙක් නිසා STF දෙදෙනෙක් මරුට

වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටී සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා තිබෙනවා.

මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් මෙම ඩිපෙන්ඩර් රථය මඩුකන්ද සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී කෝවිල්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර වූ බවයි වාර්තා වන්නේ.

ගවයාගේ ගැටුණු ඩිපෙන්ඩර් රථය මාර්ගය අසල තාප්පයක්ද කඩාගෙන රථය පෙරළී ගොස් තිබෙනවා.

අයිතිකරුවන් ගාල් නොකිරීම හේතුවෙන් මෙම මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදී සිදු වූ අනතුරු හේතුවෙන් මරණ සහ තුවාල සිදුවීම් ගණනක් වුවද ගවයින් පාලනය කිරීම සිදුවී නෑ.

රට පුරා බොහෝ ස්ථානවල මෙසේ අයාලේ යන ගවයන් ආදී සතුන් නිසා සිදුවන අනතුරු විශාල වශයෙන් වාර්තා වුවත් ඒවා වලක්වා ගැනීමට වැඩපිළිවෙලක් ඇත්තේ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles