කෙළින් කතාව නිසා අරුන්දතී රෝයි හිරේ යයි ද?

ලෝක ප්‍රකට කතුවරියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන බුකර් සම්මානලාභී අරුන්දීතී රෝයි 2010 වර්ෂයේ සිදු කළ කතාවක් නිසා ඇයට එරෙහිව නඩු පැවරීමට යන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවෙන් කාශ්මීරය වෙන් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවට ඇය කරන ලද කතාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට නවදිල්ලි රජය අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.

රෝයි 1997 දී ඇයගේ පළමු නවකතාව වන The God of Small Things සඳහා බුකර් ත්‍යාගය දිනාගත් පළමු විදේශගත නොවන ඉන්දියානුවා බවට පත් වුණා.

61 හැවිරිදි රෝයි, ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ කතුවරියක්. නමුත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය පිළිබඳ ඈ දැඩි විවේචන එල්ල කරනවා.

රෝයිට සහ කාශ්මීර මධ්‍යම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ හිටපු මහාචාර්ය ෂෙයික් ෂොකට් හුසේන්ට එරෙහිව අගනුවර පැවති “ප්‍රසිද්ධ උත්සවයකදී ඔවුන්ගේ දේශන පාදක කරගෙන” නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය ඉන්දියාවේ දුප්පතුන්ගේ සහ සැලකිල්ලට භාජනය නොවන ජන කොටස්වල අයගේ දුක්ඛිත තත්වය පිළිබඳ නිරන්තරයෙන් හඬ අවදි කරනවා. මෙය එරට ප්‍රභූ පන්තියේ කෝපයට ලක් වූ අවස්ථා ගණනාවක් ඇති බවයි කියැවෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles