කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හමුවේ පළාත් කිහිපයකටම ප්‍රබල අකුණු ඇතිවීමේ ඉඩකඩක් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා.

එයට අනුව අද (11) දින උතුරුමැද ,නැගෙනහිර ,සබරගමුව හා මධ්‍යම පළාත්වලත් බදුල්ල, වව්නියාව ,මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තද වැසි සහ සුළං සමග දරුණු අකුණු ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.

එමනිසාවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව එළිමහන් ස්ථානවල ගැවසීම අවම කිරීම ඉතා වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles