දරුවාගේ නිරෝගී වකුගඩුව ඉවත් කළ සිදුවීම: වෛද්‍යවරු උසාවියට

වකුගඩු ආබාධයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය තුන් හැවිරිදි දරුවාගේ සිදුවීමට අදාළව සාක්ෂි දීම සඳහා වෛද්‍යවරු අධිකරණයට කැඳවා ඇතැයි වාර්තා වෙනවා.

මේ සඳහා ළමා රෝහලේ ස්කෑන් අංශය භාර වෛද්‍යවරයා හා වකුගඩු පරීක්ෂණාගාරය භාර වෛද්‍යවරිය ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ඊයේ නියෝග කර තිබෙනවා.

මිය ගිය දරුවා සම්බන්ධයෙන් කළ සියලුම ශල්‍යකර්මවලට හා ප්‍රතිකාරවලට අදාළ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති නිසා ඒවා ඉක්මනින් ඉදිරිපත් කරන්නැයිද නියෝග කෙරුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහාචාර්ය වෛද්‍ය රන්දුල රණවක ඊයේ සාක්ෂි දෙමින් කියා ඇත්තේ තමා එම ශල්‍යකර්මය කරන අවස්ථාවේ එහි නොසිටි බවයි. ශල්‍යකර්මයෙන් පසුව තමා දරුවා පරීක්ෂා කළ නමුත් ක්‍රියාකාරි වකුගඩුවට සිදු වූයේ කුමක්දැයි නොදන්නා බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles