මුළු ලෝකයම අපි අල්ලනවා : හමාස් සංවිධානය

ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ බව හමාස් සටන්කාමීන්ගේ අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් පවසනවා.

ඒ මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති බවයි සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කය බවත් ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වන බව ද මහමුද් අල් සහාර් අවධාරණය කර තිබෙනවා.

අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ බව ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles