බීමතින් සිපගන්න හැදූ වරදට උරණ වී ගහලා මරලා

උඩපිටිපන ප්‍රදේශයේදී බීමතින් සිප ගැනීමට පැමිණි පුද්ගලයෙකුට පහර දීමෙන් ඔහුගේ මරණය සිදු කළ බවට සැකපිට 37 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ උඩ පිටිපන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඉකුත් 8 දින සවස් කාලයේ බීමතින් සැකකරු සිප ගැනීමටයාමේදී, එයට උරණ වූ සැකකරු පහර දීම නිසා ඔහු බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් පිළිබඳව කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles