අදත් තද වැසි – කාලගුණය තවමත් අයහපත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (13) අපර භාගයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ඉක්මවන තරමක් තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබෙන්නේ.

තවද බස්නාහිර, දකුණ සහ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පක් අපේක්ෂා කළ හැකි අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී තරමක මීදුම් තත්ත්වයක් පැවැතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles